සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයක් – පූර්වාරක්ෂක පියවරක් ලෙස නල මාර්ගය තාවකාලිකව වසා දමයි!

Screenshot 2026-09-12 at 1.52.54 PM

සෞදි අරාබියේ රියාද් සහ මදීනා ප්‍රදේශ හරහා වැටී ඇති ප්‍රධාන පෙළේ ‘පෙරදිග-බටහිර’ (East-West Pipeline) තෙල් නල පද්ධතියට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් එහි පොම්පාගාර කිහිපයකට දැඩි හානි සිදුවී ඇතැයි ඇමෙරිකානු සහ සෞදි බලධාරීන් තහවුරු කර තිබේ. සෞදි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ආරක්ෂක පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙම තෙල් නල පද්ධතිය මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බවයි.

ඉරාක භූමියේ සිට පැමිණි ඩ්‍රෝන යානා මඟින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඉරාකය සමඟ පවතින ගැටලු රාජ්‍යතාන්ත්‍රිකව විසඳීමට ඉරාක අගමැතිවරයා කළ ඉල්ලීමකට ගරු කරමින් සෞදි අරාබිය මේ මොහොතේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින බව සෞදි විදේශ අමාත්‍යාංශය පවසයි. පර්සිස් බොක්කේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා සෞදි අරාබිය තම දිනකට බැරල් මිලියන 5ක තෙල් ප්‍රමාණයක් රතු මුහුදේ යන්බු වරාය වෙත රැගෙන යාමට මෙම නල මාර්ගය ප්‍රධාන වශයෙන් භාවිත කළ අතර, මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය බලශක්ති සැපයුම දැඩි අවදානමකට ලක්ව තිබේ. මේ අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත.

You may have missed