ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදී ‘ගොවි රැලිය’ සහ අනුරාධපුරයේදී පොහොට්ටුවෙන් ජන රැළියක්!

images-1

‘අපේ ආණ්ඩුව’ සහ ‘වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කය මූලික කරගත් විශේෂ ‘ගොවි රැලිය’ අද (12) පස්වරු 4.00ට පොළොන්නරුව, දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ජන රැළියක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද (12) දින අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් විසින් එකම දිනයකදී උතුරු මැද පළාතේ ප්‍රධාන නගර දෙකක් මුල් කරගනිමින් ජන රැලි සංවිධානය කර තිබීම විශේෂිතය.

You may have missed