ශ්‍රී ලංකාවේද රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ!

1782491194-police-L

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 27 (කොළඹ, ශ්‍රී ලංකාව) — ‘රටම එකට’ ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය ඊයේ (26) කොළඹ 07, විජේරාම මාවතේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීය. පසුගිය කාලසීමාව තුළ මහජනතාව වෙතින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු 6,396ක් අතුරින් 3,113ක් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් තොරතුරු බව ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරියටත් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ තොරතුරු 1818 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය වෙත ලබාදිය හැකි බවත්, සාර්ථක තොරතුරු සපයන පුරවැසියන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.