“නිව්සීලන්ත වේලාවෙන් මෙවර අලුත් අවුරුදු නැකත්” – ශ්‍රී ලංකාරාමයෙන් නිකුත් කළ නිල නිවේදනය.
විශේෂ විශේෂාංගය – දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
ඕක්ලන්ඩ්, නිව්සීලන්තය (New Zealand) — 2026 අප්‍රේල් 14 (අඟහරුවාදා) පෙ.ව. 10:45 — නිව්සීලන්තයේ වසන ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඕක්ලන්ඩ් ශ්‍රී ලංකාරාම විහාරස්ථානය මගින් 2026 වසරේ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළ යුතු නිවැරදි වේලාවන් (නිව්සීලන්ත වේලාවෙන්) ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර අප්‍රේල් 14 වන අඟහරුවාදා දින සිංහල අලුත් අවුරුද්ද උදාවන අතර, එදිනට අදාළ ප්‍රධාන නැකත් වේලාවන් පහත පරිදි වේ:
1. අලුත් අවුරුදු උදාව
- අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්වභාග 06.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
2. පුණ්‍ය කාලය
- අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 05.30 සිට එදිනම අපරභාග 04.32 දක්වා පුණ්‍ය කාලය බැවින් ආගමික වතාවත්වල යෙදීම මැනවි.
3. ආහාර පිසීම
- අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 10.43 ට රක්ත වර්ණ (රතු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ගිනි මොළවා ආහාර පිසීම මැනවි.
4. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
- අප්‍රේල් 14 අඟහරුවාදා අපරභාග 12.05 ට දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතුය.
5. හිසතෙල් ගෑම සහ රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
- හිසතෙල් ගෑම: අප්‍රේල් 15 බදාදා පූර්වභාග 08.52 ට නැගෙනහිර දිශාව බලා සිදු කළ යුතුය.
- රැකීරක්ෂා සඳහා පිටත්ව යාම: අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වීම මැනවි.
