අපරාධ වරදකට වරකරුවුවහොත් ඇමෙරිකාවට ඇතුළුවීමස්ථිරවම තහනම් විය හැක – ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය!

kdfb_kjhklfbkldgfbjfgbkfgblh_dllfhd_kldgfbh

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

ශ්‍රී ලංකාව — 2026 ජූලි 24 — අපරාධ වරදකට වරකරුවුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීමස්ථිරවම තහනම් විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ෆේස්බුක් සටහනක් තබමින් තානාපති කාර්යාලය පෙන්වා දී ඇත්තේ, සිදුකළ සුළු වැරැද්දක් පවා වීසා අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වීමට හේතුවක් විය හැකි බවයි.

තානාපති කාර්යාලයේ නිවේදනයේ විශේෂ කරුණු

  • අපරාධ වාර්තා පරීක්ෂා කිරීම: කොන්සියුලර් නිලධාරීන්ට ශ්‍රී ලාංකිකයන්ගේ අපරාධ වාර්තා පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින බැවින්, අයැදුම්කරුවන්ගේ අතීත වැරදි සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව පහසුවෙන් තොරතුරු අනාවරණය කරගත හැක.
  • සත්‍ය තොරතුරු ලබාදීම: ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී සෑමවිටම සත්‍ය තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින අතර, අසත්‍ය තොරතුරු ලබා දීමෙන්ද ඇමෙරිකාවට ඇතුළුවීම සදහටම තහනම් විය හැක.

You may have missed