අනුරාධපුරේට ගිහින් වීසි දැලක් දැම්මා නම් ඔක්කොම එකට අල්ලගන්න තිබුණා – ජනාධිපති අනුර කුමාර දිසානායක!
වංචා සහ දූෂණවලට සම්බන්ධ වූ ආච්චිලාගේ සිට අම්මලාට සහ බාප්පලාට දක්වා සියලු දෙනාටම නීතිය දැඩි ලෙස ක්රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ පැවති ගොවි ජන රැළියක් අමතමින් ප්රකාශ කළේය. මහජන මුදල්වලට අත තැබූවන්ට කවදා හෝ වන්දි ගෙවීමට සිදුවන බව ඔප්පු කර පෙන්විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, “අපේ ආණ්ඩුව සමඟ ජනතාව ඉන්නා තුරු අපේ රජය හෙල්ලීමට කිසිවකුට නොහැකි බවත්, විනාশකාරී කණ්ඩායම් මේ වන විට දැඩි ලෙස වියරු වැටී ඇති” බවත් පැවසීය. “සී.අයි.ඩී (CID) එකට තිබුණේ අනුරාධපුරේට ගිහින් වීසි දැලක් දාන්නයි, එතකොට කට්ටියම එකට අහුවෙන්නේ,” යැයිද ඔහු එහිදී විහිළුවෙන් මෙන් සඳහන් කළේය.
පොළොන්නරුව දීප උයන පරිශ්රයේදී අතිවිශාල ගොවි ජනතාවකගේ සහභාගීත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි. රටේ ජනතාවට කිසිදු ප්රශ්නයක් නොමැති බවත්, මේ සියලු ප්රශ්න ඇත්තේ එම දූෂිත පිරිස්වලට පමණක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම රටේ ඉදිරියේදී බලය මාරු වනවා නම් එය සිදුවිය යුත්තේ තමන්ට වඩා හොඳ කණ්ඩායමක් අතට පමණක් බවද වැඩිදුරටත් කියා සිටියේය.
