ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
කොළඹ, ශ්‍රී ලංකාව — 2026 ජූලි 24 — අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිද්ධියට අදාළව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනෙන ලද මෙම විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පෙ.ව 11.30 සිට ප.ව 6.00 දක්වා දැඩි විවාදයකට ලක් විය.
ඡන්ද විමසීමේ ප්‍රතිඵල සහ පසුබිම
- ඡන්ද ප්‍රතිඵලය: අනතුරුව පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණක් වන අතර, විපක්ෂව ඡන්ද 152 ක් හිමිවිය. ඒ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්විය.
- යෝජනාව භාරදීම: අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි 21 වන දින කථානායකවරයා වෙත මෙම විශ්වාසභංග යෝජනාව භාර දෙන ලදී.
