2027 කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවට සෘජු සුදුසුකම් — ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය!
කොළඹ, ශ්‍රී ලංකාව —
2027 අයි.සී.සී. (ICC) කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුවද, එම තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙරේදා (03) තහවුරු කළේය.
කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම කීර්තිමත් තරගාවලිය වෙනත් රටක පැවැත්වුණද, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය එහි සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. අයි.සී.සී. වත්මන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවීම ශ්‍රී ලංකාවට මෙම සෘජු සුදුසුකම හිමිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.
තරගාවලියේ සුදුසුකම් ලැබූ සෙසු රටවල් සහ ඉදිරි පියවර
වත්මන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රබල රටවල් දැනටමත් මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. කෙසේ වෙතත්, ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 6 අතරට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් වන බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවලට පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා වන අවස්ථාව අහිමි වී තිබේ.
තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, නව සත්කාරක රට මෙන්ම සියලු පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්
