ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

motion-array-1186157-39R5pC9fu4-high_0013

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

වෙලින්ටන්, නිව්සීලන්තය — 2026 ජූලි 28 — ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

සඳුදා (27) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිළිවෙළින් අවුරුදු 63 සහ 65 ලෙස දක්වා ඇති අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් තවත් වසර දෙකකින් ඉහළ නැංවීමට රජය යෝජනා කර ඇත.

නිදහස් නීතිඥ සංගමයේ චෝදනා සහ විරෝධය

මෙම යෝජනාව සම්බන්ධයෙන් නිදහස් නීතිඥ සංගමය විසින් නිවේදන නිකුත් කරමින් රජයට දැඩි චෝදනා එල්ල කර තිබේ.

  • පුරප්පාඩු පිරවීම පැහැර හැරීම: මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 08 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවත්, ජනාධිපතිවරයා විසින් එම පුරප්පාඩු පිරවීම දිගු කාලයක් පුරා පැහැර හැර ඇති බවත් එම නිවේදනවල සඳහන් වේ.

You may have missed