ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ කාර්ය සාධනය ගැන 75.5%ක් තෘප්තිමත් – නවතම සමීක්ෂණයකින් හෙළිවේ!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
2026 ජූලි 16 — ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ලාංකිකයන්ගෙන් 75.5%ක් තෘප්තිමත් වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් ජූලි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම ජනමත සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ.
සමීක්ෂණයේ ප්‍රධාන කරුණු
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන වර්ග හතර නියෝජනය වන පරිදි පුද්ගලයින් 1,240 දෙනෙකුගෙන් යුත් නියැදියක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.
- ප්‍රධාන නායකයින්ගේ කාර්ය සාධනය: ජනාධිපතිවරයාගේ කාර්ය සාධනය ගැන 75.5%ක් තෘප්තිමත් වන අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්ය සාධනය ගැන තෘප්තිමත් වන්නේ සමීක්ෂණයට එක්වූවන්ගෙන් 29.4%ක් පමණි.
- රජයේ පාලනය: ජාතික ජනබලවේග ආණ්ඩුවේ පාලනය සම්බන්ධයෙන් 62.8%ක් තෘප්තිමත් වන අතර, 23.1%ක් අතෘප්තිය පළ කරති.
- ආර්ථික තත්ත්වය: සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 51.4%ක් පවසන්නේ තම ගෘහස්ථ ආර්ථික තත්ත්වය වසරකට පෙර පැවති තත්ත්වයට වඩා නරක අතට හැරී ඇති බවයි. 30.3%ක් පවසන්නේ එය පෙර පරිදිම පවතින බව වන අතර, 18.2%ක් ආර්ථිකය දියුණු වී ඇති බව පවසයි.
- විධායක ජනාධිපති ක්‍රමය: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බහුතරයක් (64.1%) සහාය දක්වයි. එය අහෝසි කිරීමේ ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු බව 23.6%ක් විශ්වාස කරන අතර, එයට විරුද්ධ පිරිස 23%කි.
