දිවයිනේ දිස්ත්‍රික්ක රැසක මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවයි – ජනාධිපති අනුර කුමාර දිසානායක!
කොළඹ, ශ්‍රී ලංකා —
දිවයිනේ දිස්ත්‍රික්ක රැසක මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ නියමය නිකුත් කර ඇති අතර, එය 2026 අගෝස්තු 27 වන දින සිට ක්‍රියාත්මක වේ.
හමුදාව කැඳවනු ලැබූ පරිපාලන දිස්ත්‍රික්ක
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පහත පරිපාලන දිස්ත්‍රික්කවලට කැඳවා ඇත:
- බස්නාහිර පළාත: කොළඹ, ගම්පහ, කළුතර
- මධ්‍යම පළාත: මහනුවර, මාතලේ, නුවරඑළිය
- දකුණු පළාත: ගාල්ල, මාතර, හම්බන්තොට
- උතුරු පළාත: යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්
- නැගෙනහිර පළාත: මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය
- වයඹ පළාත: කුරුණෑගල, පුත්තලම
- උතුරු මැද පළාත: අනුරාධපුර, පොළොන්නරුව
- ඌව පළාත: බදුල්ල, මොණරාගල
- සබරගමුව පළාත: රත්නපුර, කෑගල්ල
ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය 2026 අගෝස්තු 25 වන දින නිකුත් කර ඇති අතර, 2026 අගෝස්තු 27 වන දින සිට එය නිල වශයෙන් බලාත්මක කර ඇත.
