දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: අපරාධ කල්ලිවලට බෝම්බ ලැබුණු හැටි හෙළි වෙයි – වැරදි නිවසක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති බවට තහවුරුයි!
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට ඊයේ (11) අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන පොලිසිය විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් මඟින් සිදුකරනු ලබන මෙම විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘බඩෝවිට අසංක’ සහ ‘කුඩු අවිශ්ක’ හෝ ‘කොස්මල්ලි’ නැමැත්තන් අතර පවතින පාතාල ගැටුම් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම ප්‍රහාරය ඉලක්ක කර ඇත්තේ අසල්වැසි නිවසක් වන අතර, එය සම්පූර්ණයෙන්ම වැරදි නිවසක් ඉලක්ක කර එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයක් බවයි.
පසුගිය කාලය තුළ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය තොග සමඟ අත්බෝම්බ තොගයක්ද මෙරට අපරාධ කල්ලි වෙත ලැබී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් මියගියේ මවගේ அரෙන්කාවද අහිමිව පියාගේ සෙවනේ හැදී වැඩුණු 17 හැවිරිදි කසුන් රශ්මික සහ 11 හැවිරිදි දුමින්ද ගිහාන් යන සහෝදරයන් දෙදෙනා වන අතර, බරපතළ තුවාල ලැබූ ඔවුන්ගේ පියාගේ පාදයක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත. මේ අතර, විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පාතාල කල්ලිවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරයි.
