ශ්‍රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේදී 1.6%කින් ඉහළට!

20260529111345557326

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ආර්ථික විශේෂ වාර්තාව

2026 ජූනි 06 (නවසීලන්තය) — ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

සංචිත වර්ධනය පිළිබඳ දත්ත

  • 2026 අප්‍රේල් මාසයේදී පැවති ඩොලර් මිලියන 6,766ක සංචිත ප්‍රමාණය, මැයි මාසය වන විට 1.6%කින් වර්ධනය වී තිබේ.
  • මෙම සංචිත ප්‍රමාණය ඉහළ යාම සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි සංචිත ද ඇතුළත් බව මහ බැංකුව තහවුරු කරයි.