ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” යැයි නව චීන තානාපති වේ යි හුවා ෂියැං පවසයි!

articles2FykfQcpugfySDyFtpbPnu

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේ යි හුවා ෂියැං (Wei Huaxiang) මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබේ. ශ්‍රී ලංකාව “සිනහවෙන් පිරි සුන්දර දිවයිනක්” ලෙස හැඳින්වූ නව තානාපතිවරයා, මෙරටට පැමිණි දා සිට තමන් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.

මෙම හමුවේදී දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම කතානායකවරයා අවධාරණය කළ අතර, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු සහ පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීම ඇතුළු විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළේය. එසේම, 2027 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් සහ රබර් – සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වන බව සිහිපත් කළ තානාපතිවරයා, චීනය සිය අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය.

You may have missed