Palmerston North සරම්ප (Measles) රෝගියෙක් හමුවෙයි: ප්‍රජාව තුළ රෝගය පැතිරීමේ අවදානමක්!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
පැමර්ස්ටන් නෝට්ම, නවසීලන්තය — 2026 ජූලි 30 — පැමර්ස්ටන් නෝට් (Palmerston North) ප්‍රදේශයෙන් නව සරම්ප (Measles) රෝගකයෙකු වාර්තා වී ඇති බව නවසීලන්ත සෞඛ්‍ය අංශ (Health New Zealand) නිවේදනය කරයි. මෙම ආසාදිතයාට කිසිදු විදේශ සංචාරක ඉතිහාසයක් නොමැති අතර, රෝගය වැළඳුණු මූලාශ්‍රය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙය ප්‍රජාව තුළ වෙනත් නොදන්නා ආසාදිතයන් පිරිසක් සිටිනු ඇතැයි යන බරපතළ සැකය මතු කර ඇති අතර, සෞඛ්‍ය අංශ විසින් ජුලි 4 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලය තුළ ආසාදිතයා ගමන් කළ ස්ථාන සහ සම්බන්ධතා පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටී.
මූලාශ්‍රය සහ වෙලින්ටන් සංචාරය
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට, මෙම පැමර්ස්ටන් නෝට් පදිංචිකරු මටාරිකි (Matariki) දිගු සති අන්තයේ (ජූලි 11 – 12 දිනවල) වෙලින්ටන් වෙත ගමන් කර ඇත. පාසල් නිවාඩු කාලය සහ මටාරිකි උත්සව, ප්‍රසංග මෙන්ම විශාල ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් කිහිපයක් පැවති එම සති අන්තයේදී රෝගය ආසාදනය වී තිබිය හැකි බවට සැක කෙරේ.
මහජන සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ ආචාර්ය ෂැරොන් සයිම් (Dr Sharon Sime) සඳහන් කරන්නේ ප්‍රජාව තුළ තවත් රෝගීන් සිටිය හැකි බැවින් ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවයි.
අනාවරණය වූ විශේෂිත නිරාවරණ ස්ථාන (Locations of Interest)
සෞඛ්‍ය අංශ විසින් රෝගියා ගැවසුණු පහත සඳහන් ප්‍රදේශ සහ කාලසීමාවන් හඳුනාගෙන ඇත:
- Rosie O’Grady’s Restaurant (Palmerston North): ජූලි 24 සිකුරාදා සවස 6:45 සිට රාත්‍රී 10:00 දක්වා.
- Woolworths Broadway (Palmerston North): ජූලි 27 සඳුදා සවස 5:45 සිට රාත්‍රී 7:15 දක්වා සහ ජූලි 23 බ්‍රහස්පතින්දා උදෑසන 10:15 සිට මධ්‍යහ්න 12:30 දක්වා.
- The Laundry Room (Palmerston North): ජූලි 23 බ්‍රහස්පතින්දා උදෑසන 10:15 සිට මධ්‍යහ්න 12:30 දක්වා.
- Pizza Hut (Palmerston North): ජූලි 23 බ්‍රහස්පතින්දා උදෑසන 10:15 සිට මධ්‍යහ්න 12:30 දක්වා.
- NPD Petrol Station (Palmerston North): ජූලි 23 බ්‍රහස්පතින්දා උදෑසන 11:30 සිට මධ්‍යහ්න 12:30 දක්වා.
රෝග ලක්ෂණ සහ ගත යුතු ක්‍රියාමාර්ග
සරම්ප යනු ඉතා ඉක්මනින් පැතිර යන බෝවන රෝගයකි. මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස:
- උණ (Fever)
- කැස්ස (Cough)
- දියර ගැලීම හෝ රතු වූ ඇස් (Runny nose or red eyes)
- මුහුණෙන් ආරම්භ වී සිරුර පුරා පතළ වන සමේ කැළලි හෝ රතු ලප (Rash starting on the face) දැක්විය හැකිය.
ඉහත සඳහන් කළ ස්ථානවල සංචාරය කර ඇති සහ යම්කිසි රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන ඕනෑම අයෙක් (දැනටමත් සුවය ලබා සිටියද), වහාම Healthline (0800 611 116) අංකයට හෝ තම වෛද්‍යවරයාට කතා කරන ලෙස සෞඛ්‍ය අංශ දැඩි ලෙස ඉල්ලා සිටී. රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා සැමගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.
