ACT පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා අද ප්‍රකාශයට පත් කෙරේ

Screenshot 2026-06-28 at 2.12.53 PM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – දේශපාලන විශේෂ වාර්තාව

2026 ජූනි 28 (ඕක්ලන්ඩ්, නිව්සීලන්තය) — අද (28) ඕක්ලන්ඩ් නුවර ‘ෂෙඩ් 10’ (Shed 10) හිදී පැවැත්වෙන ACT පක්ෂයේ වාර්ෂික සමුළුවේදී (Rally ’26) එම පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වත්මන් නියෝජ්‍ය නායිකා බෲක් වැන් වෙල්ඩන් (Brooke van Velden) මහත්මිය මෙම වසරේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බැවින්, ඇය වෙනුවට නව නියෝජ්‍ය නායකයෙකු පත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.

සමුළුවේ සුවිශේෂී තොරතුරු:

  • නව නායකත්වය: අද දහවල් පැවැත්වෙන පක්ෂ නායක ඩේවිඩ් සී මුවර් (David Seymour) මහතාගේ විශේෂ දේශනයෙන් අනතුරුව නව නියෝජ්‍ය නායකයා පිළිබඳව නිල වශයෙන් නිවේදනය කෙරෙනු ඇත.
  • ප්‍රධාන ප්‍රතිපත්ති නිවේදනය: පක්ෂ නායක ඩේවිඩ් සී මුවර් විසින් මෙරට සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිපත්තිමය නිවේදනයක් ද අද දිනයේදී සිදු කිරීමට නියමිතය.
  • උත්සවයේ ස්වභාවය: ඉතා උද්යෝගිමත් සහ නවීන ආරකින් යුතුව සංවිධානය කර ඇති මෙම සමුළුව, බොක්සිං වළල්ලක හැඩයෙන් යුතු වේදිකාවක් මධ්‍යයේ පැවැත්වීම විශේෂත්වයක්.

පසුගිය මැතිවරණ වර්ෂවලදී සිදුවූ අයුරින් සමුළුවට බාධා කිරීම් සිදු නොවීමට පක්ෂය කටයුතු යොදා ඇති අතර, අද දින වෙලින්ටන් නුවර පැවැත්වෙන කම්කරු පක්ෂයේ වාර්ෂික සමුළුවත් සමඟ දේශපාලනික අවධානය බෙදී පවතියි.