එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සූදානමින්!

MediaFile_20260908_141658_538

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා එළැඹෙන 26 වැනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය සඳහා සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.

ඒ අනුව, අමාත්‍යවරයා විසින් එළැඹෙන 28 වැනි දින ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය නිල වශයෙන් ඇමතීමට නියමිතව ඇත. ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ වත්මන් ස්ථාවරය, විදේශ ප්‍රතිපත්තිය සහ සංවර්ධන ඉලක්ක පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝකයේ විවිධ රටවල නායකයින් රැසක් සහභාගී වන මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම අනෙකුත් රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු යෙදී ඇත.