යුක්රේනයේදී රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් බෝරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකගේ ජීවිත අනූනවයෙන් බේරෙයි!
එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සහ යුරෝපීය ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගමන් කළ රාජ්‍ය තාන්ත්‍රික දුම්රියක් යුක්රේන-පෝලන්ත දේශසීමාව අසල යාහොඩින් (Yahodyn) දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් සුළු මොහොතකට පසු, එම දුම්රිය ස්ථානයේ තිබූ තවත් දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
යුක්රේනයේ කියු අගනුවර පැවති ආරක්ෂක සමුළුවකින් පසු නැවත පෝලන්තය දෙසට ගමන් කරමින් සිටියදී දුම්රිය කාලසටහනේ සිදුකළ හදිසි වෙනස්කම් හේතුවෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් රැගත් දුම්රිය නියමිත වේලාවට පෙර යාහොඩින් දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් ඇත. ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි දුම්රියකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් දුම්රියේ එන්ජිමට හානි සිදුවුවද කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදුව නොමැත. මෙම පිරිස අතර ස්වීඩනයේ හිටපු අග්‍රාමාත්‍ය කාල් බිල්ඩ් සහ අමෙරිකානු CIA සංවිධානයේ හිටපු ප්‍රධානී ඩේවිඩ් පෙට්‍රේයස් වැනි ප්‍රභූවරුන් ද විය.
