දිස්ත්‍රික් හතරක සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 7,148ක ව්‍යාපෘතියක්: අනුරාධපුර, ත්‍රිකුණාමලය, මන්නාරම සහ මුලතිව් රෝහල්වල නව ගොඩනැගිලි ඉදිකිරීමට මුල්ගල් තැබේ!
ජපාන ජාත්‍යන්තර සහයෝග නියෝජිතායතනයේ (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7,148ක (රුපියල් බිලියන 7කට අධික) දැවැන්ත වියදමින්, අනුරාධපුර, ත්‍රිකුණාමලය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල රෝහල්වල නව හෘද රෝග ප්‍රතිකාර සංකීර්ණ සහ සෞඛ්‍ය ප්‍රතිකාර සංකීර්ණ ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 16 වන දින සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන කටයුතු අතරට අනුරාධපුර ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 3,545ක වියදමින් මහල් 8කින් යුත් අතිනවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 2,403ක වියදමින් මහල් 8කින් යුත් අතිනවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයක් ඉදිකිරීම ඇතුළත් වේ. මීට අමතරව, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600ක වියදමින් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණයක්ද, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 600ක වියදමින් මහල් 4කින් යුත් සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක්ද ඉදිකිරීමට නියමිතව ඇත.
