RNZ සේවකයෙකු ‘මුස්ලිම් ත්‍රස්තවාදියෙකු’ ලෙස හැඳින්වීමේ සිද්ධිය: කවුන්සිලයේ තීන්දුව ප්‍රතික්ෂේප කරන ඕක්ලන්ඩ් නගරාධිපති!
ඕක්ලන්ඩ් නගරාධිපති වේන් බ්‍රවුන් (Wayne Brown) විසින් RNZ ආයතනයේ සේවකයෙකු ‘මුස්ලිම් ත්‍රස්තවාදියෙකු’ ලෙස පෙනෙන බවට පවසමින් කවුන්සිලයේ කීර්තිනාමයට හානි කර ඇති බවට ස්වාධීන කොමසාරිස්වරයා කළ නිගමනය ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියානු සම්භවයක් ඇති අදාළ සේවකයා නගරාධිපතිවරයාව RNZ කාර්යාලයට කැටුව යන අවස්ථාවේදී බ්‍රවුන් මෙම ප්‍රකාශය කර තිබූ අතර, පසුව එය “වැරදුණු හාස්‍ය උත්සාහයක්” ලෙස ඔහු හැඳින්වීය. මේ සම්බන්ධයෙන් පුරවැසියෙකු කළ පැමිණිල්ලක් විමර්ශනය කළ හැසිරීම් කොමසාරිස් පෝල් කොලින්ස් (Paul Collins) නිගමනය කළේ නගරාධිපතිවරයා කවුන්සිලයේ හැසිරීම් සංග්‍රහය (code of conduct) උල්ලංඝනය කර ඇති බවයි.
බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වේන් බ්‍රවුන් කියා සිටියේ තමා එම නිගමනය පිළිනොගන්නා බවත්, තමාට හාස්‍යය පිළිබඳ හැඟීමක් ඇති නමුත් ඇතැම් පිරිස් එය වටහා නොගන්නා බවත්ය. තමා සේවකයා සෘජුව ත්‍රස්තවාදියෙකු ලෙස නොහැඳින්වූ නමුත් ඔහු “අවුල් සහගත පෙනුමකින් යුක්ත වූ” බව පැවසූ බව ඔහු අවධාරණය කළේය. මීට සති දෙකකට පමණ පෙර තමා මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියද, වර්තමානයේ මෙම තීන්දුව ප්‍රශ්න කරන නගරාධිපතිවරයා බදු මුදල්වලින් RNZ ආයතනය පවත්වාගෙන යාම පිළිබඳවද ප්‍රශ්න මතු කර ඇත.
