අමෙරිකාවේ මියාමි ගුවන් තොටුපළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 5ක් මරුට!
අමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවේදී ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගැනීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුවර්ටෝ රිකෝ හි සැන් ජුවාන් නගරයේ සිට පැමිණි මෙම ගුවන් යානය පාලනයෙන් ගුළිවී ධාවන පථයෙන් ඉවතට පැන ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි ගබඩා සංකීර්ණවල සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන කිහිපයක ගැටී ඇත.
ගැටුමත් සමඟ යානය හදිසි ගින්නකට ලක්ව ඇති අතර, ගිනි නිවන හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, ජීවිතක්ෂයට පත් වූ පස්දෙනා ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ද නැතහොත් අනතුරට මුහුණපාමින් මාර්ගයේ හෝ ගබඩා ප්‍රදේශයේ සිටි අයද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත. අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය සහ අදාළ විමර්ශන අංශ විසින් මෙම අනතුරට හේතුවූ සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පුළුල් පරීක්ෂණ මාලාවක් ආරම්භ කරනු ලැබ ඇත.
