සඳටත් හිමිකම් කියන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නව සමාජ මාධ්‍ය සටහනක්!

MediaFile_20260907_154642_420

විවාදාත්මක සහ අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්වන සමාජ මාධ්‍ය සටහන් තබන්නෙකු ලෙස ලොව පුරා ප්‍රකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ‘සඳත් අපේ’ යැයි සඳහන් කරමින් විශේෂ සේයාරුවක් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබේ. අභ්‍යවකාශය සහ ඒ ආශ්‍රිත බලය පිළිබඳව සංකේතාත්මක අර්ථයක් දනවන මෙම සටහන මේ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය හා අන්තර්ජාල පරිශීලකයින් අතර දැඩි අවධානයට ලක්ව ඇත.

විශේෂයෙන්ම මෙම ඡායාරූපය සහ සටහන අන්තර්ජාලයට එක් කිරීමට මඳක් මෙපිටින්, කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද අමෙරිකානු අභ්‍යවකාශ බලකායේ නව කළු පැහැති නිල ඇඳුමෙන් සැරසුණු ඡායාරූපයක් ද ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබීම තවත් විශේෂත්වයකි. අභ්‍යවකාශ බලකායේ නව පෙනුම හඳුන්වා දීමෙන් අනතුරුව මෙලෙස සඳට හිමිකම් කියමින් සටහනක් තැබීම හරහා ට්‍රම්ප් විසින් ලෝකයේ අවධානය යළිත් වරක් අභ්‍යවකාශ තරඟය සහ අමෙරිකානු ආධිපත්‍යය වෙත යොමු කරවා ගෙන ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

You may have missed