හිටපු අමාත්‍ය කුමා ර ජයකොඩිට එරෙහි නඩුව විභාගයට ගැනේ!

image_0e5793da4a

ශ්‍රී ලංකාවේ ලංකා පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කටයුත්තට අනුමැතිය දීමේදී ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර තිබුණද, කොන්ත්‍රාත්තුව භාරගත් සමාගම කිසිදු කාපට් ඇතිරීමක් සිදු කර නොමැති බව ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහේවා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අසිත ඇන්තනි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් හිටපු සභාපතිවරයා සඳහන් කළේ 2014 වසරේදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගම තෝරාගෙන අත්තිකාරම් වශයෙන් රුපියල් 8,859,708ක මුදලක් ගෙවා ඇති බවයි. ප්‍රසම්පාදන හා මුදල් අංශ මඟින් නිසි ලේඛන ඉදිරිපත් කර අනුමැතිය ලබා දී තිබූ හෙයින් තමන් අදාළ මුදල් ගෙවීමට අනුමැතිය දුන් බවත්, පසුව අදාළ සමාගම කාපට් ඇතිරීමක් සිදු නොකිරීම නිසා සමාගමේ අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට වාසියක් සලසන ආකාරයට කටයුතු කර රජයට රුපියල් 88 නාමමාත්‍රික පාඩුවක් කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වන වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇති අතර, වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 05 වැනි දින දක්වා කල් තබා ඇත.

You may have missed