ශ්‍රී ලංකාවේදී දිට්වා සුළි කුණාටු පූර්ව සූදානම අධ්‍යයනය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කැඳවයි!

MediaFile_20260907_105044_101

ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා ප්‍රමාණවත් පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යළිත් වරක් රැස්වී තිබේ. මෙම රැස්වීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ මෙම ව්‍යසනය ඇති වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කරන ලද ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීම සඳහාය.

ඒ අනුව, දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක නියෝජනය කරන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් අධිකාරිවරුන් පිරිසක් මෙම කාරක සභාව හමුවට කැඳවා තිබුණි. මීට අමතරව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද කාරක සභාව විසින් විශේෂයෙන් කැඳවා තිබූ අතර, සුළි කුණාටුව සිදුවූ අවස්ථාවේදී ඊට අදාළව ගන්නා ලද පියවර සම්බන්ධයෙන් ඔහු විසින් ජනමාධ්‍ය වෙත දැක්වුණු අදහස් පිළිබඳව මෙහිදී සවිස්තරාත්මක කරුණු විමසා බැලීමක් සිදු කර ඇත. අනාගතයේදී මෙවැනි ආපදා තත්ත්වයන්ට වඩාත් සාර්ථකව මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම කාරක සභාව හරහා පුළුල්ව අධ්‍යයනය කෙරෙමින් පවතී.

You may have missed