කිවිසේවර් මූල්‍ය අපහසුතා ඉල්ලුම්කරුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් වෙනත් විකල්ප වෙත යොමු කෙරේ!

images

වෙලින්ටන්, නිව්සීලන්තය —

නිව්සීලන්තයේ කිවිසේවර් (KiwiSaver) අරමුදල්වලින් මූල්‍ය අපහසුතා (Hardship withdrawals) මත මුදල් ලබා ගැනීමට ඉල්ලුම් කරන සාමාජිකයින්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් එම අරමුදල් ලබා ගැනීම වෙනුවට වෙනත් ණය කළමනාකරණ සහ මූල්‍ය විසඳුම් වෙත යොමු කර ඇති බව නව වාර්තාවකින් හෙළි වී තිබේ. සිම්ප්ලිසිටි, මිල්ෆර්ඩ්, සුපර්ලයිෆ් සහ එන්සී ෆන්ඩ්ස් වැනි ආයතන සමඟ කටයුතු කරන ‘ඩෙබ්ට්ෆික්ස්’ (Debtfix) ණය කළමනාකරණ ආයතනය පෙන්වා දෙන පරිදි, මූල්‍ය අපහසුතා මත යොමු වූ අයදුම්කරුවන්ගෙන් සියයට 57.9 කට ආසන්න ප්‍රමාණයකට කිවිසේවර් මුදල් ලබා ගැනීමෙන් තොරව වෙනත් විකල්ප හරහා සහන සලසා දී ඇත.

මෑත කාලීනව ඉහළ ගොස් ඇති ජීවන වියදම් සහ ආර්ථික පීඩනයන් හේතුවෙන් කිවිසේවර් අරමුදල්වලින් මුදල් ඉල්ලා සිටීම වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, 2026 ජූලි මාසයේදී පමණක් මූල්‍ය අපහසුතා මත ඩොලර් මිලියන 45.2 ක මුදක් ආපසු ලබාගෙන ඇත. රැකියා අහිමිවීම්, වැඩ කරන පැය අඩු වීම් සහ අඛණ්ඩ ආර්ථික අර්බුද හේතුවෙන් ජනතාව මූල්‍ය පීඩනයට මුහුණ දී සිටියද, කිවිසේවර් ගිණුම් හිස් කිරීම සැමවිටම සුදුසුම හෝ තිරසාරම විසඳුම නොවන බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ අනුව, ණය හිමියන් සමඟ විශේෂ සහන සැලසුම් සාකච්ඡා කිරීම, ණය ගෙවීමේ ක්‍රමවේද ප්‍රතිසංවිධානය කිරීම සහ අයවැය මුල්‍ය සැලසුම් සකස් කිරීම වැනි විකල්ප ක්‍රම හරහා මෙම පාරිභෝගිකයින්ට සහයෝගය ලබා දී තිබේ. ANZ ඇතුළු ප්‍රධාන කිවිසේවර් සපයන්නන් සඳහන් කරන්නේ කිවිසේවර් අරමුදල් ඉල්ලා සිටීමට පෙර අනෙකුත් සියලුම සාධාරණ විකල්ප සලකා බැලීම අත්‍යවශ්‍ය වන බවයි.

You may have missed