නිවසක් මිලදී ගැනීමට වඩා කුලී නිවසක ජීවත්වීමෙන් ඩොලර් 700,000 ක වාසියක් ලැබිය හැකිද? – ආර්ථික විද්‍යාඥයෙකුගෙන් අනාවරණයක්!

buying-property-concept-man-uniform-giving-keys-black-man_1157-50916

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

ඔක්ලන්ඩ්, නිව්සීලන්තය — 2026 අගෝස්තු 12 —

නිවසක් මිලදී ගැනීම වෙනුවට කුලී නිවසක ජීවත් වෙමින්, ඉතිරි වන මුදල් ආයෝජනය කරන ඔක්ලන්ඩ් නගරයේ පළමු වරට නිවසක් මිලදී ගන්නෙකුට (First-home buyer) මින් වසර 30 කට පසු ඩොලර් 700,000 කට අධික මූල්‍ය වාසියක් අත්විය හැකි බව ආර්ථික විද්‍යාඥයෙක් පෙන්වා දෙයි.

නිව්සීලන්තයේ නිවාස මිල ගණන් ස්ථාවර මට්ටමක පැවතීම සහ ආයෝජන වෙළඳපොළේ වර්ධනයත් සමඟ බොහෝ දෙනෙක් තැන්පතු (deposit) සඳහා කිවිසේවර් (KiwiSaver) අරමුදල් විශාල වශයෙන් භාවිත කරමින් සිටිති. එහෙත් අනාගතයේදී දේපළ වටිනාකම්වල වර්ධනය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන පසුබිමක, නිවසක් මිලදී ගැනීම ව්‍යාපාරික වශයෙන් වාසිදායකද යන්න ගැටළුවක් වී තිබේ.

ආර්ථික විද්‍යාඥයාගේ ගණනය කිරීම් සහ උපකල්පන

Simplicity ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෂමූබීල් ඊකුබ් (Shamubeel Eaqub) විසින් RNZ වෙත සපයන ලද උදාහරණ වාර්තාවකට අනුව, වර්තමානයේ ඔක්ලන්ඩ් හි සාමාන්‍ය පළමු නිවාස මිලදී ගන්නෙකු මිලදී ගන්නා ඩොලර් 900,000 ක නිවසක් සම්බන්ධයෙන් මෙම ගණනය කිරීම සිදු කර ඇත.

  • නිවාස හිමියාගේ පාර්ශ්වය: 10% ක තැන්පතුවක්, වාර්ෂිකව 3% ක නිවාස මිල වර්ධනයක්, 5% ක උකස් පොලී අනුපාතිකයක් (වසර 30 කින් ගෙවා අවසන් වන පරිදි) සහ රක්ෂණ, ප්‍රාදේශීය සභා බදු (rates) සහ නඩත්තු වියදම් ඇතුළත් කර ඇත.
  • කුලී නිවැසියාගේ පාර්ශ්වය: ආරම්භක සතිපතා කුලිය ඩොලර් 619 ක් ලෙසත්, වාර්ෂික කුලී වර්ධනය 3.2% ක් ලෙසත් ගෙන, කුලිය සහ උකස් මුදල් අතර වෙනස කළමනාකරණය කරන ලද අරමුදලක (managed fund) වාර්ෂිකව 5.4% ක බද්දෙන් පසු ශුද්ධ ප්‍රතිලාභයක් ලැබෙන ලෙස ආයෝජනය කරයි.

මෙම ගණනය කිරීම්වලට අනුව, වසර 30 කට පසු:

  • නිවාස හිමියාට ඩොලර් මිලියන 2.1 ක මුළු වත්කමක් සහ සම්පූර්ණයෙන්ම හිමි නිවසක් (freehold house) ඉතිරි වේ.
  • කුලී නිවැසියාට ආයෝජන අරමුදල් හරහා ඩොලර් මිලියන 2.83 ක වත්කමක් හිමි වන අතර, එයින් කුලී නිවැසියා ඩොලර් 724,530 ක අමතර වාසියක් ලබා ගනී. (කෙසේ වෙතත්, විශ්‍රාම සමයේදී කුලී ගෙවීම සඳහා කුලී නිවැසියාට තම වත්කම්වලින් කොටසක් භාවිත කිරීමට සිදුවේ).

නිවාස හිමිකාරීත්වයේ සැඟවුණු වියදම්

අතීතයේදී මෙන් අනාගතයේදී දේපළ අගය ඉහළ යාම මත පමණක් විශ්වාසය තැබිය නොහැකි බව ෂමූබීල් ඊකුබ් පෙන්වා දෙයි. බදු, රක්ෂණ සහ නඩත්තු වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, සාමාන්‍ය නිවාස හිමියෙකුට වසරකට ඩොලර් 10,000 ක පමණ නඩත්තු වියදම් දැරීමට සිදුව තිබේ.

කෙසේ වෙතත්, මුල්‍යමය වාසිවලට අමතරව නිවාස හිමිකාරීත්වය මඟින් ප්‍රජාව සමඟ ඇති සබැඳියාව, ස්ථාාවරත්වය සහ “නිවසින් පිටව යාමේ අවදානමක් නොමැතිකම” වැනි සමාජීය වාසි ලැබෙන බව ඔහු සඳහන් කළේය.

Cotality ආයතනයේ ප්‍රධාන දේපළ ආර්ථික විද්‍යාඥ කෙල්වින් ඩේවිඩ්සන් (Kelvin Davidson) සඳහන් කළේ කුලී නිවසක ජීවත්වීම කිසිවිටෙකත් “අපතේ යන මුදලක්” (dead money) නොවන බවත්, ඉදිරි දශක දෙක තුළ නිවාස මිල වර්ධනය මන්දගාමී වීම කුලී නිවැසියන්ට වාසිදායක තත්ත්වයක් ගෙන දිය හැකි බවත්ය. එහෙත්, නිවාස හිමියන් අනිවාර්ය ඉතිරිකිරීම් (forced savings) ක්‍රමයක් හරහා ධනය රැස්කර ගන්නා බවත්, කුලී නිවැසියන්ට ඒ සඳහා දැඩි විනයක් අවශ්‍ය වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

You may have missed