යුක්රේන හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි ධුරයෙන් ඉවත් කෙරේ: නව හමුදා ප්‍රධානියා ලෙස ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි පත්කෙරේ

image_7131c0134d

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

ජාත්‍යන්තර පුවත් — 2026 ජූලි 23 — යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි විසින් එරට හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි (Oleksandr Syrskyi) එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් (Mykhailo Fedorov) ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු රටපුරා විරෝධතා මතු වූ පසුබිමක් තුළ වීම විශේෂත්වයකි. මයිකයිලෝ ෆෙදොරොව් ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ ඔලෙක්සැන්ඩර් සර්ස්කි හමුදා ප්‍රධානී ධුරයෙන් ඉවත් කිරීමට දිනකට පෙරය.

පසුබිම සහ නව පත්වීම්

  • හිටපු ආරක්ෂක අමාත්‍යවරයාගේ භූමිකාව: 35 හැවිරිදි වියේ පසුවූ ෆෙදොරොව්, ආරක්ෂක අමාත්‍යාංශය නවීකරණය කිරීම, හමුදාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ දූෂණයට එරෙහිව ගත් දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ජනප්‍රියත්වයට පත් සහ ප්‍රශංසාවට ලක් වූ අයෙකි.
  • හිටපු හමුදා ප්‍රධානියා: 60 හැවිරිදි ඔලෙක්සැන්ඩර් සර්ස්කි, හමුදාව තුළ නව වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට මැලි වූ පැරණි සෝවියට්මං දරන නායකයෙකු ලෙස සැලකේ.
  • නව හමුදා ප්‍රධානියා: ඔලෙක්සැන්ඩර් සර්ස්කි ඉවත් කිරීමෙන් පසු යුක්රේනයේ නව හමුදා ප්‍රධානියා ලෙස 43 හැවිරිදි ජෙනරාල් මයිකයිලෝ ඩ්‍රපටි (Mykhailo Drapaty) පත් කර ඇතැයි වාර්තා වේ.

You may have missed