ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට පියවර
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ශ්‍රී ලංකා සමාජ සුබසාධන විශේෂ වාර්තාව
2026 ජූලි 01 (කොළඹ, ශ්‍රී ලංකාව) — රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමේදී ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දීම අරමුණු කරගනිමින්, ඔවුන් සඳහා විශේෂ ‘ප්‍රමුඛතා කාඩ්පතක්’ (Priority Card) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
වැඩසටහනේ ප්‍රධාන අරමුණු සහ තීරණ:
- නියමු ව්‍යාපෘතිය: මෙම විශේෂ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් මුලින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
- ආබාධිතභාවය වර්ගීකරණය: ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය නිවැරදිව වර්ගීකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජාතික සභාවේ එකඟතාව පළ විය.
- පාරිභාෂික වචන මාලාව: ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් භාවිත කළ යුතු නිවැරදි සහ ගෞරවනීය පාරිභාෂික වචන මාලාවක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්රකාශනයක් ලෙස නිකුත් කිරීමට තීරණය කර ඇත.
- සේවා ඇගයීම: ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන නිලධාරීන්ගේ කාර්යභාරය ඇගයීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් පැවති ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභා රැස්වීමේදී මෙම තීරණ ගනු ලැබීය.
