2026 උණ සෘතුව සහ “Super-K” වෛරසය: ඔබ දැනගත යුතුම කරුණු
විශේෂ සෞඛ්‍ය සහ විද්‍යා පුවත් විවරණය — දියත නිවුස් නිවුසීලන්තය (Diyatha News New Zealand)
2026 මැයි 14 — මෙවර නවසීලන්තයේ උණ සෘතුව වෙනදාට වඩා දරුණු විය හැකි බවට පුරෝකථනය කර ඇත්තේ H3N2 Subclade K හෙවත් “Super-K” නම් ප්‍රභේදය නිසාවෙනි. මෙම වෛරසය පසුගිය කාලයේ බ්‍රිතාන්‍යය වැනි රටවල දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් විය.
1. “Super-K” යනු කුමක්ද?
මෙය අලුත්ම වෛරසයක් නොවන අතර, සාමාන්‍ය H3N2 උණ වෛරසයේම සිදුවූ විකෘති වීමකි.
- විශේෂත්වය: මෙය සාමාන්‍ය උණ වෛරසයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන ඇත.
- එන්නතේ සාර්ථකත්වය: උතුරු අර්ධගෝලයේ (යුරෝපය/ඇමරිකාව) රටවලට වඩා නවසීලන්තය මෙවර වාසනාවන්ත වී ඇත. මෙරටට ලබාදෙන එන්නත් මෙම “Super-K” ප්‍රභේදයට සාර්ථකව මුහුණ දිය හැකි පරිදි වෙනස් කර (Modified) නිපදවා තිබීම මෙයට හේතුවයි.
2. නොමිලේ එන්නත ලබාගත හැක්කේ කාටද?
නවසීලන්ත රජය (Pharmac) මගින් මෙවර Influvac Tetra එන්නත පහත පිරිස් සඳහා නොමිලේ ලබා දෙයි:
- වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්.
- දියවැඩියාව, ඇදුම හෝ හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇති මාස 6කට වැඩි අය.
- ගර්භණී මව්වරුන්.
- මානසික සෞඛ්‍ය ගැටලු සහිත පුද්ගලයින්.
- ශ්වසන රෝග හේතුවෙන් රෝහල්ගත වූ වයස අවුරුදු 4ට අඩු දරුවන්.
3. එන්නත ලබාගන්නේ කොහොමද?
- වෙබ් අඩවිය: Book My Vaccine හරහා වේලාවක් වෙන්කර ගත හැක.
- දුරකථනය: 0800 28 29 26 අංකයට ඇමතිය හැක.
- ෆාමසි සහ වෛද්‍ය මධ්‍යස්ථාන: ඔබ අසල ඇති ඕනෑම ෆාමසියකින් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් (GP) මේ සඳහා උපදෙස් ලබාගත හැක. නොමිලේ එන්නතට හිමිකම් නොකියන අය සඳහා මෙයට ඩොලර් 25ත් 40ත් අතර මුදලක් වැය වනු ඇත.
දියත නිවුස් නිවුසීලන්ත විවරණය 🦁⚖️🌏
නවසීලන්තයේ වසරකට 500ක් පමණ පිරිසක් උණ රෝගය (Flu) නිසා මිය යන බව ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් සිතන්නේ මෙය සාමාන්‍ය හෙම්බිරිස්සාවක් කියා වුවත්, විශේෂයෙන්ම වයසක පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට මෙය මාරාන්තික විය හැකියි. “Super-K” ප්‍රභේදය දැනටමත් නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව තහවුරු වී ඇත. එබැවින්, ඔබ රජයේ නොමිලේ එන්නත් ලබාදෙන කාණ්ඩයට අයත් නම්, පමා නොවී අදම එන්නත ලබා ගන්න. මෙය රෝගය වැළඳීම 70%කින් පමණ අඩු කරන අතර බරපතල ලෙස රෝගී වීම වළක්වයි.
