හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ පියාසර කළ අමෙරිකානු ඩ්‍රෝන යානයක් ඉරාන ප්‍රහාරයකින් බිම වැටෙයි!

MediaFile_20260831_043842_436

ටෙහෙරාන් / වොෂින්ටන් —

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේ මුර සංචාරයේ යෙදෙමින් සහ මෙහෙයුම්වල නිරත වෙමින් තිබූ අමෙරිකානු එක්සත් ජනපදයට අයත් අති නවීන MQ-9 Reaper වර්ගයේ මිසයිල සහිත ඩ්‍රෝන යානයකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර බිම හලා තිබේ.

ජාත්‍යන්තර මුහුදු සීමාව සහ කලාපීය ආරක්ෂාව දැඩි උණුසුම් මුහුණුවරක් ගනිමින් පවතින පසුබිමක් තුළ මෙම සිදුවීම වාර්තා වී ඇත. ඉරාන බලධාරීන් පවසා ඇත්තේ තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් පියාසර කළ මෙම ඩ්‍රෝන යානයට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවත්, ඉන් අනතුරුව එය පර්සියානු මුහුදු සීමාව වෙත කඩා වැටී ඇති බවත්ය. කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමට මෙම සිදුවීම හේතු වනු ඇති බව විදෙස් දේශපාලන විශ්্লেෂකයෝ පෙන්වා දෙති.

You may have missed