සෙවනගල සීනි කම්හල සේවක වර්ජනයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දමයි!

images

සෙවනගල, ශ්‍රී ලංකා —

සීමා සහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

සේවකයින් විසින් සිදු කරනු ලබන අඛණ්ඩ වැඩ වර්ජනයක් හේතුවෙන් ආයතනයට සිදුවන දැවැන්ත මූල්‍යමය අලාභය අවම කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කර්මාන්තශාලාව වසා දැමීමට හේතු වූ පසුබිම

  • සේවක වැඩ වර්ජනය: පසුගිය අගෝස්තු 25 වන දින සෙවනගල ඒකකයේ යම් සේවක පිරිසක් විසින් තම රාජකාරි වලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවර ගෙන තිබුණි.
  • මූල්‍ය අලාභය වැළැක්වීමේ පියවර: මෙම තත්ත්වය නිසා ආයතනයට සිදුවන මූල්‍යමය පාඩුව පාලනය කිරීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයින්ට නිවාඩු ලබා දීමට පාලනාධිකාරිය කටයුතු කළේය.
  • පාලනාධිකාරියේ නියෝග නොතකා හැරීම: ඊයේ (28) දිනයේදී නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් දැනුම් දී තිබුණද, කර්මාන්තශාලාවේ කටයුතු යළි ආරම්භ කිරීමෙන් පසුවද සේවකයින් සුපුරුදු පරිදි වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම හේතුවෙන් මෙම දැඩි තීර ගැනීමට සිදුව ඇත.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මෙසේ තාවකාලිකව දින නියමයක් නොමැතිව අත්හිටුවීමත් සමඟ කලාපයේ උක් වගාකරුවන් සහ සේවකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

You may have missed