ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙකු සහ මණ්ඩල සාමාජිකයින් පත් කෙරේ

Dumindahulangamuwa_1200px_30_06_2026-1000x600

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ශ්‍රී ලංකා දේශපාලන සහ ආර්ථික විශේෂ වාර්තාව

2026 ජූලි 01 (කොළඹ, ශ්‍රී ලංකාව) — ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

නව පත්වීම්: නව සභාපතිවරයාට අමතරව, ආයෝජන මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් පත් කර ඇත:

  • විෂ් ගෝවින්දසාමි මහතා
  • හර්ෂණී රන්දිලිගම මහත්මිය
  • මංගල කරුණාරත්න මහතා
  • කේ. ඒ. විමලේන්තිරරාජා මහතා

මෙම පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (ජූනි 30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ නිලධාරීන් වෙත භාරදෙන ලදී.