ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ නව පියවර: ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) වැඩසටහන දිවයින පුරා ඇරඹේ

22e351e4c08f5b0ae693a981d4d56f65_XL

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ සෞඛ්‍ය වාර්තාව

2026 ජූනි 02 (නවසීලන්තය) — ශ්‍රී ලංකාවේ මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාව තවත් ඉදිරි පියවරක් තබමින්, මවගෙන් දරුවාට බෝවන රෝග සම්ප්‍රේෂණය වැළැක්වීමේ අරමුණින් ‘ත්‍රිත්ව තුරන් කිරීමේ’ (Triple Elimination) වැඩසටහන 2026 ජූනි මස 01 වන දින සිට ශ්‍රී ලංකාවේ සියලුම මාතෘ සායනවලදී ආරම්භ කර තිබේ.

වැඩසටහනේ ප්‍රධාන අංග

මෙම නව වැඩසටහන යටතේ සිදු කෙරෙන ප්‍රධානතම වෙනස්කම වන්නේ හෙපටයිටීස්-බී (Hepatitis B virus) වෛරසය සඳහා පරීක්ෂණ සිදු කිරීමයි.

  • රුධිර පරීක්ෂාව: අද සිට ශ්‍රී ලංකාවේ සියලුම මාතෘ සායනවලට පැමිණෙන ගැබිනි මව්වරුන් හෙපටයිටීස්-බී වෛරසය ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා අනිවාර්ය රුධිර පරීක්ෂාවකට ලක් කෙරේ.
  • පූර්ව ක්‍රියාමාර්ග: මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) සහ උපදංශය (Syphilis) සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ පරීක්ෂණ දැනටමත් ශ්‍රී ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීම

මවගෙන් දරුවාට HIV සහ උපදංශය සම්ප්‍රේෂණය වීම සාර්ථකව වැළැක්වූ රටක් ලෙස 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට හිමි විය. මෙම ‘ද්විත්ව තුරන් කිරීමේ’ (Dual Elimination) වැඩසටහන සාර්ථක කර ගනිමින්, අඛණ්ඩව එම සාධනීය තත්ත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව සහ සහතිකය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.