වෙනිසියුලානු භූකම්පනය: මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට; අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තීව්‍ර කෙරේ

people-walk-amid-debris-after-an-earthquake-in-caracas-venez-OGOR5452P5F2ZEO672LQB5CNXE

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 27 (වෙනිසියුලාව) — වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 589ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මෙම ව්‍යසනයෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව 2,980ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් සිය ගණනක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අභියෝගාත්මකව ක්‍රියාත්මක වේ.

මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් රැසක් ද සිටින බව වාර්තා වේ. ස්පාඤ්ඤ ජාතිකයින් තිදෙනෙකුගේ මරණ තහවුරු වී ඇති අතර, තවත් ස්පාඤ්ඤ ජාතිකයින් 99 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත. මීට අමතරව පෘතුගාල ජාතිකයින් 09 දෙනෙකු, බ්‍රසීල ජාතිකයින් දෙදෙනෙකු, චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලි ජාතිකයෙකු ද මෙම භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

පවතින දැඩි හදිසි තත්ත්වය හමුවේ, වෙනිසියුලාව වෙත සහන සැලසීම සඳහා ජාත්‍යන්තර ආධාර රැගත් කණ්ඩායම් මේ වන විටත් එරටට ළඟා වී ඇති බව වාර්තා වේ.