විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් 21, 22 සහ 23 ජාතික ශෝක දින ලෙස නම් කෙරේ!

articles2FUv3m8f8Ln24VfT1PuVz2

කොළඹ, ශ්‍රී ලංකාව — 2026 අගෝස්තු 21 —

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි, මේ පිළිබඳ වැඩිදුර විස්තර සහ නිල නිවේදන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

දශක ගණනාවක් පුරා මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය ඉටු කළ අමරණීය සේවය සහ ජාතික උරුමයට ඇය ලබා දුන් දායකත්වය අගයමින් මෙම පියවර ගෙන ඇත.

You may have missed