වසර 38ක් ශ්‍රී ලංකාවටත් අභියෝගයක් වූ ‘ඔසී’ බලකොටුව බිඳ දැමූ බංග්ලාදේශය: ඩාවින්හිදී ඓතිහාසික ටෙස්ට් ජයක්!

421243

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

වෙලින්ටන්, නිව්සීලන්තය — 2026 අගෝස්තු 17 —

ICC ලෝක ටෙස්ට් ශූරතාවේ හිමිකරුවෙකු මෙන්ම වසර 149ක ඉතිහාසයකට උරුමකම් කියන ක්‍රිකට් පිටියේ පතාක යෝධයෙකු වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ඔවුන්ගේම මව්බිමේදී පරාජය කරමින් බංග්ලාදේශය අද (16) ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

ඩාවින් (Darwin) හි මාරාරා (Marrara) ක්‍රීඩාංගණයේ පැවති මෙම ඓතිහාසික ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.

තරගයේ විශේෂ අවස්ථා සහ ලකුණු සටහන

  • බංග්ලාදේශයේ ඓතිහාසික ජයග්‍රහණය: වසර 23කට පෙර (2003 දී) අවසන් වරට ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයකට මුහුණ දුන් බංග්ලාදේශය එදා ඉනිමක පරාජයකට මුහුණ දුන්නද, අද වන විට ලෝක අංක එකේ ටෙස්ට් බලවතා ඔවුන්ගේම බලකොටුවේදී දණගස්වා ඇත.
  • ක්‍රීඩකයන්ගේ දස්කම්: එදා 16 හැවිරිදි පාසල් දරුවකුව සිටි මුෂ්ෆිකර් රහීම්, අද 39 හැවිරිදි වියේදී සිය වසර 21ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු භූමියේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් මෙම ජයග්‍රහණයේ කොටස්කරුවෙකු විය. මෙහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හසන් මහමුද්, මෙහෙදි හසන් මිරාස් සහ තන්සිද් හසන් ඇතුළු ක්‍රීඩකයෝ බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන දායකත්වයක් ලබා දුන්හ.
  • ආසියානු වාර්තාව: ඕස්ට්‍රේලියානු භූමියේදී වේගයෙන්ම (තරග 3කින්) ටෙස්ට් ජයක් වාර්තා කළ ආසියානු කණ්ඩායම බවට බංග්ලාදේශය පත්ව ඇත (ඉන්දියාවට තරග 12ක් සහ පාකිස්තානයට තරග 7ක් අවශ්‍ය විය). මීට අමතරව, 1995 වසරෙන් පසු පාකිස්තානයට පවා ලබා ගැනීමට නොහැකි වූ මෙම අභිමානවත් ජයග්‍රහණය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් විය.
  • SENA රටක දෙවන ජය: 2022 වසරේ නවසීලන්තයට එරෙහිව මවුන්ට් මවුන්ගනුයි හිදී ලැබූ ජයෙන් පසු SENA (දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව) රටකදී බංග්ලාදේශය ලැබූ දෙවන ටෙස්ට් ජය මෙය වේ. බ.ඉ. කොදෙව් ප්‍රකට ක්‍රිකට් විශ්ලේෂක ඉයන් බිෂොප් ද බංග්ලාදේශයේ මෙම විශිෂ්ට ජයග්‍රහණය ඉහළින් අගය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් අභියෝගය

බංග්ලාදේශයේ මෙම විස්මිත ජයග්‍රහණයත් සමඟ, දශක ගණනාවක් පුරා ඕස්ට්‍රේලියානු භූමියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති අභියෝග ද යළි මතතු වී තිබේ.

  • 1988 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව, එරට තුළ මෙතෙක් තරග 15කට ක්‍රීඩා කර ඇතත්, ඉන් තරග 13ක්ම පරාජයට පත්වී ඇති අතර ජයපරාජයෙන් තොරව අවසන් කර ඇත්තේ තරග 2ක් පමණි.
  • 2004 වසරෙන් පසු ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අඛණ්ඩ ටෙස්ට් තරග 7ම පරාජයට පත්ව ඇති අතර, මෙතෙක් කිසිදු ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට හෝ ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී නැත.

You may have missed