රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි

1782573037-chandika_L

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – විශේෂ වාර්තාව

2026 ජූනි 28 (කොළඹ, ශ්‍රී ලංකාව) — රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) 2026/27 වර්ෂය සඳහා වන නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තේරී පත්ව තිබේ.

ඊයේ (27) පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම නව පත්වීම් සිදුවිය. එහිදී සංගමයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා තේරී පත්ව ඇත.

එමෙන්ම, 2026/27 වර්ෂය සඳහා වන සංගමයේ විධායක සභික මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ද මෙහිදී නිතරගයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.