ජපානයේ චිබාහිදී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලංකික තරුණයෙකු ඝාතනය කෙරේ!

Screenshot 2026-08-13 at 3.30.06 PM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

ටෝකියෝ, ජපානය — 2026 අගෝස්තු 13 —

ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා (Nagareyama) නගරයේ පිහිටි නවාතැන්පොළකදී, අධ්‍යාපන කටයුතු සඳහා එරට රැඳී සිටි 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම අපරාධය සිදුකළ බවට සැකපිට, ඔහු සමඟ එම ලැගුම්හලේම ජීවත් වූ 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියට මුහුණ පෑ ආකාරය සහ පොලිස් පරීක්ෂණ

ජපාන පොලීසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ජාත්‍යන්තර සිසුන් ලෙස එරට රැඳී සිටි මෙම තරුණ දෙපළ අතර නවාතැන්පොළ තුළ බහින්බස්වීමක් හටගෙන ඇති බවයි. එම ගැටුම දුරදිග යාම හේතුවෙන් සැකකාර 18 හැවිරිදි තරුණයා විසින් වින්දිතයාගේ උදර ප්‍රදේශයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර තිබේ.

සිද්ධියෙන් පසු සැකකරු විසින් විසින්ම ජපානයේ හදිසි ඇමතුම් අංශය වෙත (119) ඇමතුමක් ලබාදී සිද්ධිය පවසා ඇති අතර, තුවාල ලැබූ තරුණයා වහාම රෝහල්ගත කළද, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දක්වා ඇති සැකකරු පවසා ඇත්තේ, මියගිය තරුණයා විසින් තමාට සහ සිය මවට අපහාස කරමින් බණිමින් පහරදීමට තැත් කිරීම නිසා ඇති වූ දැඩි කෝපය පාලනය කරගත නොහැකිව මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. නගරෙයාමා ප්‍රාදේශීය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

You may have missed