අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයෙන් පැරණි බුද්ධ ප්‍රතිමා 17ක් හමු වෙයි!

image_2fdd45a22b

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

අනුරාධපුරය, ශ්‍රී ලංකා — 2026 අගෝස්තු 19 —

අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ කපාරාම සංකීර්ණයේ උතුරු ප්‍රාකාරයේ කැණීම් සිදු කිරීමේදී, අඟල් තුන හමාරක් පමණ උසැති ලෝකඩවලින් නිර්මාණය කොට රං ආලේපිත බුදු පිළිම 17ක් හමු වී ඇති බව මධ්‍යස්ථාන සංස්කෘතික අරමුදල පවසයි (දයා රත්න ඇඹෝගම).

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ චන්දන රෝහණ විතානච්චි මහතා මේ බව තහවුරු කළේය.

පුරාවිද්‍යාඥයින්ගේ අනාවරණ සහ විශේෂ ලක්ෂණ

  • කාල වකවානුව: හමුවූ ප්‍රතිමා පරික්ෂා කිරීමේදී ක්‍රිස්තු වර්ෂ හත සහ අට වැනි සියවස්වලට අයත් ලක්ෂණ පෙන්නුම් කරන බව මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතා සඳහන් කළේය.
  • අහඹු තැන්පත් කිරීමක්: මෙම ප්‍රතිමා හමුවූ ස්ථානය පරිශ්‍රය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ යම් අහඹු ලෙස හෝ හදිසි අවස්ථාවකදී ඒවා තැන්පත් කර ඇති බවයි.
  • ආක්‍රමණයක් හමුවේ ආරක්ෂා කිරීම: යම් කිසි අවස්ථාවක සිදුවූ ආක්‍රමණයක් හේතුවෙන් මෙම ප්‍රතිමා වල ආරක්ෂාව වෙනුවෙන් රැගෙන යමින් සිටියදී, ක්ෂණිකව මෙම ස්ථානයේ තැන්පත් කරන්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. ප්‍රාකාර බැම්ම කැණීම් කරන අවස්ථාවේදී කාර්ය මණ්ඩලය විසින් මෙම වැදගත් සොයා ගැනීම සිදු කර ඇත.

You may have missed