ශ්‍රී ලංකාවේ රථවාහන දඩ මුදල් ගෙවීමේ ගොව් පේ ක්‍රමවේදයට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්!
කොළඹ, ශ්‍රී ලංකාව —
ශ්‍රී ලංකාවේ රථවාහන වැරදි සඳහා දඩ මුදල් අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ගෙවීම සඳහා හඳුන්වා දී ඇති ගොව් පේ (GOV PAY) ක්‍රමවේදයට ඉතා සූක්ෂ්ම ලෙස සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවියක් හරහා ජනතාවගේ මුදල් සහ සංවේදී දත්ත සොරාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය දැඩි ලෙස අනතුරු අනතුරු හඟවා සිටියි.
ජනතාවගේ දෛනික කටයුතු පහසු කිරීමට සහ මූල්‍ය වංචා අවම කිරීමේ අරමුණින් මෙම වසර මුලදී රථවාහන දඩ ගෙවීම සඳහා ගොව් පේ ක්‍රමවේදය නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. කෙසේ වෙතත්, වංචනිකයින් විසින් මෙම ක්‍රමවේදයේ ජනප්‍රියත්වය අවභාවිතා කරමින්, අදාළ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර ඇත. එම ව්‍යාජ වෙබ් අඩවිවල සබැඳි (Links) කෙටි පණිවුඩ සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ලෙස ජනතාවගේ ජංගම දුරකථන වෙත එවා, එමඟින් බැංකු ගිණුම් තොරතුරු ඇතුළු සංවේදී දත්ත සොරාගෙන මුදල් වංචා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව අනාවරණය වී තිබේ. ගොව් පේ හරහා දඩ මුදල් ගෙවීම සඳහා වෙනත් කිසිදු බාහිර වෙබ් අඩවියක් නොමැති බැවින්, මෙවැනි වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙස රථවාහන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.
