ශ්‍රී ලංකාවට බලපා ඇති එල් නිනෝ තත්ත්වය තවත් දරුණු වීමේ සම්භාවිතාවක්!

Screenshot 2026-09-12 at 7.00.40 AM

දිවයිනට බලපා ඇති එල් නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ දරුණුතම එල් නිනෝව වීමේ සම්භාවිතාව සියයට 69 සිට 75 දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

ලබන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ මෙම තත්ත්වය ‘ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 98ක් තරම් ඉහළ අගයක පවතින බව ද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව, ගෙවුණු වසර 75ක කාලය තුළ වාර්තා වූ සියලු එල් නිනෝ තත්ත්වයන්ට වඩා වැඩි බලපෑමක් මෙවර ඇතිවිය හැකි බව පෙනෙන්නට තිබේ. ඉදිරි සති දෙකක කාලය තුළ වර්ෂාවේ යම් අඩුවක් පැවතියද, සැප්තැම්බර් මස අග සිට දිවයින පුරා වැසි තත්ත්වය ක්‍රමයෙන් වැඩි වන බවත්, ගෝලීය පුරෝකථන දත්ත අනුව ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත්, කොපමණ වැසි පැවතියද දිවයිනට බලපා ඇති උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ අගයක් ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

You may have missed