ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියා කුසලාන අවසන් මහා තරගයට; ෆාතිමා සානාගේ සටන අභිබවා ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

422426.6

කාන්තා ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය. පළමුව පන්දුවට පහදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 130ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

පකිස්තාන නායිකා ෆාතිමා සානා (Fatima Sana) විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් පන්දු 36කදී නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ලකුණු 38කට කඩුලු 4ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට දැඩි අභියෝගයක් එල්ල කළාය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී මුල් කඩුලු කිහිපයක්ම ලකුණු සංඛ්‍යාවක් තුළ බිඳ වැටුණද, හර්ෂිතා සමරවික්‍රම (36) සහ කාවිෂා දිල්හාරි (33) අතර ගොඩනැගුණු ලකුණු 67ක වටිනා සබඳතාව ශ්‍රී ලංකා ජයග්‍රහණයට මඟ පෑදීය. අවසාන අදියරේදී නිලක්ෂිකා සිල්වා සහ කෞෂිනි නුත්‍යංගා වගකීමෙන් යුතුව ක්‍රීඩා කරමින් තවත් පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තහවුරු කළහ.

You may have missed