මෙවර ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයට!
වියට්නාම —
ලෝකයේ අතිශය ආකර්ෂණීය සහ කීර්තිමත් ජාත්‍යන්තර රූ රැජින තරගාවලි අතර ප්ප්රමුඛ ස්ථානයක් ගන්නා 73 වන ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීමට ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ ‘ජොහයිරි මෝලා’ (Joheirry Mola) සමත්ව තිබේ. වියට්නාමයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් සහ දැවැන්ත ජනකායකගේ සහභාගීත්වයෙන් මෙම අවසන් මහා තරගය පැවැත්විණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, පසුගිය වසරේ ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත් වූ තායිලන්තයේ ඕපල් සුචාතා චුවාන්ග්ශ්රී විසින් මෙවර ජයග්‍රාහිකාව වූ ජොහයිරි මෝලා වෙත අදාළ කිරුළ අභිෂේක කර ඇත. ලොව පුරා රටවල් රැසක දක්ෂ හා සුරූපී තරගකාරියන් අතර තියුණු තරගයකින් අනතුරුව පැවති මෙම අවසන් මහා තරගයේදී, දෙවන ස්ථානය ස්පාඤ්ඤය නියෝජනය කළ තරගකාරියට හිමි වූ අතර, තෙවන ස්ථානය මැලේසියාව නියෝජනය කළ තරගකාරිය විසින් දිනා ගන්නා ලදී. විවිධ සංස්කෘතීන් සහ දක්ෂතා ප්‍රදර්ශනය කෙරුණු මෙම 73 වන ලෝක රූ රැජින තරගාවලිය අතිශය සාර්ථක ලෙස නිමාවට පත්විය.
