පියාගේ ලිංගික අපයෝජනය හෙළි කිරීම නිසා පවුලෙන් කොන් වූ තරුණිය; පියාට මස 26හේ සිරදඬුවමක්!
තම පියා අතින් ලිංගික අපයෝජනයට ලක් වූ බව හෙළි කිරීම හේතුවෙන් පවුලේ සියලු දෙනාගෙන් කොන් වීමට (ostracised) තරුණ දියණියකට සිදුවී ඇති අතර, පියා පවුලේ එකම ආදායම් උපයන්නා වීම නිසා මව විසින් ද ප්‍රධානියා ආරක්ෂා කිරීමට උත්සාහ කර තිබේ. වයස 16ට අඩු දරුවෙකු සමඟ නුසුදුසු ලිංගික හැසිරීම් සිදු කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් හැමිල්ටන් දිස්ත්‍රික් උසාවියේදී වරදකරු කරනු ලැබූ 50 හැවිරිදි වියේ පසුවන මෙම පියාට විනිසුරු ස්ටීවන් ක්ලාක් (Judge Stephen Clark) විසින් මස 26 හමාරක සිරදඬුවමක් නියම කරන ලදී.
මෙම අපරාධ සිදුවී ඇත්තේ දියණිය වයස අවුරුදු 10ත් 14ත් අතර පසුවූ සමයේදීය. වෙරළේ ගොස් පැමිණීමෙන් පසු දියණිය ස්නානය කරන කාමරයට (shower) ඇතුළු වූ පියා, ඇයගේ විරුද්ධත්වය නොතකා සබන් ගාමින් ශරීරය ස්පර්ශ කර ඇත. මීට අමතරව, වසරකට හෝ එකහමාරකට පමණ පසු නිවසේදී දියණිය පුටුවක් මතට නංවා, ඇයට බලහත්කාරයෙන් හාදුවක් ලබා දී ඇත. මෙම සිදුවීම් හේතුවෙන් තරුණ දියණිය දැඩි මානසික කම්පනයකට, බියකට සහ හුදෙකලා වීමකට ලක්වී ඇති අතර, පියා තවමත් තමන් කිසිදු වරදක් කර නැති බව පවසමින් වරද පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
පියා සිරගත වීමෙන් පවුල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව පවසමින් මව විසින් පියාට පක්ෂව අධිකරණයට ලිපියක් ඉදිරිපත් කර තිබුණද, විනිසුරු ක්ලාක් පෙන්වා දුන්නේ පියා විසින් තම දියණියගේ විශ්වාසය දරුණු ලෙස කඩ කර ඇති බවයි. වරද පිළිගැනීමේ කිසිදු පසුතැවීමක් නොපෙන්වීම සහ වරදකාරී හැඟීමක් නොමැති වීම නිසා ඔහුට ලිහිල් සිරදඬුවමක් ලබා දිය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා, ඔහුට මෙම සිරදඬුවම නියම කළේය.
