ග්ලැසන් පවුලෙන් ඩොලර් මිලියන 308ක වාර්තාගත මුදලකට උතුරු වෙරළ තීරයේ ‘වෙස්ට්ෆීල්ඩ් ඇල්බනි’ (Westfield Albany) මෝල් එකෙන් කොටසක් මිලදී ගනී!
නවසීලන්තයේ දැවැන්තම විලාසිතා සිල්ලර වෙළඳ ව්‍යාපාරයක නිර්මාතෘවරුන් වන ග්ලැසන් (Glasson) පවුල විසින් උතුරු ඕක්ලන්ඩ් හි ප්‍රධානම සාප්පු සංකීර්ණයක් වන ‘වෙස්ට්ෆීල්ඩ් ඇල්බනි’ (Westfield Albany) හි 49%ක සුළුතර කොටස් හිමිකාරිත්වය ඩොලර් මිලියන 308.36ක මුදලකට මිලදී ගෙන තිබේ. සිංගප්පූරුවේ ස්වෛරී ධන අරමුදල වන GIC විසින් අලෙවි කරන ලද මෙම කොටස් හුවමාරුව, නවසීලන්ත ඉතිහාසයේ සිදු වූ විශාලතම තනි වත්කම් සිල්ලර වෙළඳ ගනුදෙනුව (single asset retail transaction) ලෙස වාර්තා වේ. ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත Scentre Group ආයතනය විසින් මෙම මෝල් පරිශ්‍රයේ ඉතිරි 51%ක ප්‍රධාන කොටස් හිමිකාරිත්වය තවදුරටත් රඳවා ගනු ඇත.
ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ සිට කිලෝමීටර 15ක් පමණ උතුරට වන්නට පිහිටා ඇති Westfield Albany මෝල් පරිශ්‍රය වර්ග මීටර් 53,335ක දළ කුලියට ගත හැකි භූමි ප්‍රමාණයක පැතිරී ඇති අතර, එහි විශේෂිත වෙළඳසැල් 140ක් පමණ ක්‍රියාත්මක වේ. Farmers, Kmart, New World මෙන්ම Event Cinemas වැනි ප්‍රධාන වෙළඳ නාම වලින් සමන්විත මෙම සාප්පු සංකීර්ණය, වාර්ෂිකව පාරිභෝගිකයින් මිලියන 8.4කගේ පමණ පැමිණීමක් වාර්තා කරමින් ඉහළ කාර්යසාධනයක් පෙන්වන බව ගනුදෙනුව මැදිහත් වූ Colliers ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රිචඩ් කර්ක් (Richard Kirke) පවසයි. ඉදිරි වසර 30 තුළ දැවැන්ත නාගරික සංවර්ධනයක් අපේක්ෂිත වේගයෙන් වර්ධනය වන ප්‍රදේශයක මෙම වත්කම පිහිටා තිබීම විශේෂත්වයකි.
වසර 1918දී Glassons කාන්තා ඇඳුම් සිල්ලර වෙළඳ ව්‍යාපාරය ආරම්භ කරමින් ප්‍රසිද්ධියට පත් ග්ලැසන් පවුල, පසුව 1985දී Hallensteins පුරුෂ ඇඳුම් ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ වෙමින් වර්තමානයේ NZX හි ලැයිස්තුගත Hallenstein Glasson Holdings ලෙස වෙළඳාම් කටයුතු සිදු කරයි. මෑත කාලීනව ඕක්ලන්ඩ් නගරයේ අනෙකුත් ප්‍රධාන සාප්පු සංකීර්ණ ද අළෙවි කර ඇති අතර, පසුගිය සතියේ ඕස්ට්‍රේලියානු සින්ඩිකේට් එකක් විසින් ග්ලෙන්ෆීල්ඩ් මෝල් (Glenfield Mall) ඩොලර් මිලියන 146කට මිලදී ගන්නා ලදී. මීට අමතරව, ඩොලර් මිලියන 450ක් පමණ අපේක්ෂා කෙරෙන බොටනි ටවුන් සෙන්ටර් (Botany Town Centre) මෝල් පරිශ්‍රයද මේ වන විට විකිණීමට තබා තිබේ.
