ශ්‍රී ලංකාවේ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍යයි – ජනපති අනුර කුමාර දිසානායක!

Screenshot 2026-07-24 at 10.31.58 AM

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

ශ්‍රී ලංකාව — 2026 ජූලි 24 — ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු සහ තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින් නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේදී එය මනා පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු

  • ක්‍රීඩාව දෛනික ජීවිතයට: ක්‍රීඩාව තරගයකින් එහාට ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරමක් බවට පත්කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සමස්ත සමාජය තුළම ක්‍රීඩා ප්‍රබෝධයක් ඇති වන අයුරින් තරග සැලසුම් කරන ලෙස දන්වා ඇත.
  • 2028 ඔලිම්පික් ඉලක්ක: 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම, පුහුණු කිරීම සහ අවශ්‍ය පහසුකම් සපයමින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ඔවුන් සූදානම් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
  • දක්ෂ පුහුණුකරුවන් බිහිවීම: ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩා පරපුරක් රට තුළ බිහි කිරීමට නම් දැනුමින් සහ කුසලතාවන්ගෙන් පිරිපුන් දක්ෂ පුහුණුකරුවන් කණ්ඩායමක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි සැලසුම් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
  • ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය: මන්නාරම, කිලිනොච්චිය සහ කල්මුණේ ක්‍රීඩා සංකීර්ණවල ඉදිකිරීම් මෙන්ම සුගතදාස සහ දියගම ක්‍රීඩා සංකීර්ණවල ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස විමසා බලන ලදී.

You may have missed