සුරේෂ් සලේට සිදුවන අසාධාරණයට එරෙහිව කොළඹ කොටුවේ සත්යග්රහයක්
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) – ශ්රී ලංකා විශේෂ වාර්තාව
2026 ජූනි 08 (ශ්රී ලංකාව) — රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේදී අමානුෂික සහ කෲර අයුරින් සැලකීමට විරෝධය පළකරමින්, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කළ සත්යග්රහයක් අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්රයේදී ආරම්භ විය.
සත්යග්රහයේ පසුබිම
- මෙම සත්යග්රහය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් රැසක් සහභාගී වී සිටිති.
- පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධ චෝදනා මත ඉකුත් පෙබරවාරි 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටී.
- රඳවා සිටින කාලසීමාව තුළ හටගත් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පසුගිය දිනවල පියවර ගෙන තිබුණි.
