මියගිය පැටවා දින හයක් කරමත තබාගෙන පිහිනූ ඩො ල්ෆින් මවගේ සංවේදී පුවතක් ඕස්ට්‍රේලියාවෙන්!

image_0d917e49cc

දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

වෙලින්ටන්, නවසීලන්තය — 2026 අගෝස්තු 06 — (විමුක්ති එස් රුද්‍රිගු) තම පැටවා මියගිය දුක දරා ගැනීමට නොහැකිව දින හයක් සිය කරමත තබාගෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඔබ්බෙන් පිහිටි වෙරළේ පිහිනූ ඩොල්ෆින් මවකගේ දර්ශන පෙළකට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් හිමිව තිබේ.

1. සිදුවූයේ කුමක්ද?

  • වීඩියෝව එළිදැක්වීම: ‘ෆ්‍රැග්ල්’ නම් මෙම ඩොල්ෆින් මව සිය කරමත මියගිය පැටවා තබාගෙන පිහිනන වීඩියෝව තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ආරක්ෂා කිරීමේ කටයුතු සිදුකරන ‘ජියෝ ග්‍රාෆ් මැරීන් රිසර්ච්’ (Geo-Graph Marine Research) සංවිධානය විසින් පසුගිය 20 වන දින උඩුගත කර ඇත.
  • සිව්වන වියෝව: ඇයගේ දරුවන් තිදෙනෙක් මීට පෙර මියගොස් ඇති බවත්, සිව්වන දරුවාගේ වියෝව දරා ගැනීමට නොහැකි වූ දුක ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස දවස් හයක් පීනා ඇති බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය.

2. පැටවාගේ මරණයට හේතුව

  • වයස සහ රෝගී තත්ත්වය: මියගිය පැටවාගේ වයස සති දෙකක් වන බවත්, මීට පෙරද පැටවුන් තිදෙනකු මියගොස් ඇති නිසා ෆ්‍රැග්ල් මත්ස්‍ය ලෝකය තුළ ප්‍රසිද්ධ චරිතයක් බවත් එම සංවිධානය සඳහන් කළේය.
  • නිවුමෝනියා රෝගය: අධික ශීත දේශගුණය මධ්‍යයේ ඉපිද ඇති මෙම ඩොල්ෆින් පැටවා නිවුමෝනියා රෝගයෙන් මියගොස් ඇති බවද පැවැසේ. මෙවර පැටියා ජීවත්කර ගැනීමට හැකියාව ලැබුණු ඇතැයි සත්ව විද්‍යාඥයන් බොහෝ දෙනා විශ්වාස කළ බවද ජියෝ ග්‍රාෆ් මැරීන් රිසර්ච් සංවිධානය ප්‍රකාශ කළේය.

You may have missed