“ජනපතිගේ කාලෝචිත ක්‍රියාමාර්ග නිසා ද්වීපාර්ශ්වික සබඳතා තවත් තරු වුණා” – ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ!

image_b28de5b0a6

විමුක්ති එස් රුද්‍රිගු – දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)

කොළඹ, ශ්‍රී ලංකාව — 2026 ජූලි 25 — ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ගෝලීය තීරු බද්ද යටතේ පැනවීමට යෝජනා කර තිබූ සියයට 44 ක තීරු බද්ද සියයට 10 දක්වා අඩු කර ගැනීමට ලැබීම මෙරට ලැබූ විශාල ජයග්‍රහණයක් බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා (24) ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස තමාගේ නිල කාලය තවත් දින කීපයකින් අවසන් වන බව සඳහන් කළ ඔහු, ලත් මෙම ජයග්‍රහණය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ රජයට සූදානම් බවද පැවසීය.

ජයග්‍රහණයේ ප්‍රධාන විශේෂ අවස්ථා

  • තීරු බදු සහනය: ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ 44% ක දැවැන්ත තීරු බද්ද 10% දක්වා අඩු කර ගැනීමට හැකිවීම මෙරට අපනයන අංශය ලද සුවිශේෂී ජයග්‍රහණයකි.
  • ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග: ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ශක්තිමත් ද්වීපාර්ශ්වික සබඳතා ගොඩනැගීමටත්, මෙම ජයග්‍රහණය අත්කර ගැනීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ නිවැරදි නියෝකය ප්‍රධාන හේතුවක් වූ බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
  • රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය: මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස දැඩි කැපවීමකින් කටයුතු කළ බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.