ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක්: මැදපෙරදිග ගැටුමේ බලපෑම්වලට සහන!
දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
වෙලින්ටන්, නවසීලන්තය — 2026 අගෝස්තු 01 — මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.
මෙම ආධාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබා දීමට නියමිත අතර, මින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එල්ල වී ඇති ආර්ථික පීඩනයට මුහුණදීමට අතිරේක මූල්‍ය සහායක් ලෙස වෙන් කර ඇති බව සඳහන් වේ.
ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂ ප්‍රකාශය
කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පවතින ගැටුමක් හේතුවෙන් කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද නොවැටිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසතෝ කන්ඩා මෙහිදී අවධාරණය කර ඇත.
මැදපෙරදිග ගැටුමේ ආර්ථික බලපෑම් හේතුවෙන් ඉහළ යන වියදම් සහ අවිනිශ්චිතතාවට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙත සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය සහායක් ලබා දීමටද ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
